Tuesday, October 22, 2013

තිත් තිත් තිත් තිත් මුවන්ට - Thith thith thith



තිත් තිත් තිත් තිත් මුවන්ට

තිත් තිත් තිත් තිත් මුවන්ට
තිත් තිබුනේ නැතිලු පුතේ ඉස්සර කාලේ
ඉස්සර කාලේ.....//

පුතා වගේ හරි හුරතල් මුව පැටියෙක් දවසක් දා
දාන්ගලෙන් අම්මගෙන් කිරි බොනවාලූ.....
අම්මාගේ කිරි බිඳු බිඳු ඉහිරී ඉහිරී ඇඟ පුරාම
ඌ ලස්සන මුව පොවුවෙක් උනා පුතේ......
පුතේ... තිත් මුව පොව්වෙක්...!
තිත් මුව පොව්වෙක් අම්මා...!!

එදා ඉඳන් සේරම මුව පැටව් එක වෙලා
අම්මාවරු ලඟට ගිහින්
තුරුල් වෙලා තුරුල් වෙලා
කිරි පාටින් තිත් තියාන ලස්සන වෙනවා....
පුතා වගේ දඟ නොකරන දරුවන් වෙනවා.....
මං වගේ නේද අම්මා...!!

තිත් තිත් තිත් තිත් මුවන්ට......

මද්දුම බණ්ඩාර කියා පුතෙක් එදා උන්නා
පුංචි උනත් පුංචි කමට හරිම වීරයා
අම්මා දුන් කරුණාවෙන්
පියා දුන්නු වීර ගුණෙන්
මද්දුම බණ්ඩාර පුතුන් තව උපදිනවා....
රට පුරාම සුවඳ හමන
රටක් වටිනා පුතෙක් වෙන්න
පුතා දන්නවා....//

ගායනය : ලතා වල්පොල සමඟ මිල්ටන් මල්ලවආරච්චි
ගී පද :  ආරාධනා චිත්‍රපටය
සංගීතය : 

thith_thith_thith


තිත් තිත් තිත් තිත් මුවන්ට

Thith thith thith muwanta

Loading the player...

No comments:

Post a Comment