Tuesday, October 22, 2013

මට මෑණි වගේ - Mata Mani Wage



මට මෑණි වගේ

මට මෑණි වගේ
මට පියා වගේ
මට ආදර මගේ ලංකා
ආගමද මගේ
ජාතියද මගේ
මට ඉහළයි සිරි ලංකා.....//

අපි දරු දැරියෝ
අපි සොහොයුරියෝ
අපි සොහෝයුරෝ
එක මව් සෙවණේ ලංකා...
අප වැඩිහිටියෝ
හැම එකමුතු වී
මැව් මව් රට සිරි ලංකා

මට මෑණි වගේ..........

අපි දරු දැරියෝ......
මුළු ඉතිහාසේ
ලොව දිණුවා සේ
ජය ජය දී සිරි ලංකා
අපි පොඩි දරුවෝ
දින දින බැබලී
මතු රජ වන සිරි ලංකා

මට මෑණි වගේ.......


ගායනය : මනෝජ් ප්‍රනාන්දු
ගී පද :  ආචාර්ය අජන්ත රණසිංහ
සංගීතය : 

mata_mani_wage 
"Mata Mani Wage" Song By. Manoj Fernando

Loading the player...

No comments:

Post a Comment