Saturday, October 19, 2013

මූදූ පතුළ යට ඉඳලා




මූදූ පතුළ යට ඉඳලා


මූදූ පතුළ යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පා කරවා
මගෙ දෝතට පුතු ආවා......//

සුදු පාටින් පහන් තරුව
දුර අහසේ දිළිසෙනවා......//
සුදු පාටින් ටිකිරි සිනා
පුතුගේ මුවින් ගිලිහෙනවා......//

මූදූ පතුළ යට ඉඳලා......

වෙරළෙන් කිරි කවඩි සොයා
කෙනෙක් පුතුට ගෙන එනවා......//
තවත් කෙනෙක් පාට පාට
පබළු කඩෙන් ගෙන එනවා......//

ඒ කවඩියි මේ පබළුයි
එක නුලේ අමුණනවා
ඒවායින් කවඩි තනා
පුතුගේ ඉනේ පළඳනවා
පුතුගේ ඉනේ පළඳනවා..........////


ගායනය : සෝමලතා සුබසිංහ (මුදු පුත්තු)
ගී පද : (මුදු පුත්තු)
සංගීතය : N/A

 මූදූ පතුළ යට ඉඳලා mp3
 

No comments:

Post a Comment