Tuesday, October 29, 2013

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා



අපෙ අම්මා කොළඹ ගිහිල්ලා 

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලයද ගානට කැපිලා......//

යාළුවො දෙන්නෙක් තවමත් පහළයි
හරි ඉහළයි පන්තිය මාගේ
භූ ගෝලය, ඉතිහාසය, ගණිතය
ලේසියි මට රට කජු වාගේ...//

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා.....

ගුත්තිලයේ කවි ටික කට පාඩම්
අමා වතුර මට වතුර වගේ
කතා පොත හොඳයි නින්දට යන විට
කියවන්නට එය හරිම අගේ

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා....

පෙර -පර දෙදිගම රසවත් පොත පත
ඉඩ ලැබු හැම විට කියවනවා
මා ලොකු වුණු පසු කවි ගී රචනා
ලියලා පොඩි අය සනසනවා...//

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා....

ගායනය : එස්. ලියනගේ
ගී පද :  
සංගීතය :
Ape Amma Kolomba Gihilla S Liyanage

Loading the player...

නිල් අහස් තලේ අගේ



නිල් අහස් තලේ අගේ

නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා.....//

නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා.....//
නිල් අහස් තලේ අගේ.....

මල් විසීරිලා වගේ
තාරකා සිරී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා.....//

නිල් අහස් තලේ අගේ.....

ගායනය : කීර්ති පැස්කුවෙල්
ගී පද :  
සංගීතය :

Thursday, October 24, 2013

සුළඟක් වී මං යනවා



සුළඟක් වී මං යනවා

සුළඟක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චි කොහොමද මං අල්ලන්නේ.....

අහසක් සේ දූ යන මඟ
පුළුන් වළා අතුරනවා
එහෙමයි මගේ දොණී.... මං රැක ගන්නේ
පණ වාගේ මගෙ දූ.... මං රැක ගන්නේ

මහ ගං වතුරක් වීලා
හරි වේගෙන් මං ගලනවා
ලොකු ගස් වැල් කඳු වැටි හෙම
උදුරා පොළාවට දමනවා
අප්පච්චී කොහොමද මං වළකන්නේ.....

මං මහ මුහුදක් වෙනවා
දූ එනතුරු තනි රකිනවා
ආදරයෙන් මඟ බලනවා
තුරුළට ගෙන සනසනවා
මං ළඟ නොවැ දූ සැමදා සැනසෙන්නේ.....

මං බොරු තරහක් ගන්නවා
ඇස් රතු වෙනකල් අඬනවා
තුරුළට අරගෙන හිටියත්
නැළවෙන්නැතුවම ඉන්නවා
අප්පච්චී කොහොමද මං නළවන්නේ

දූටත් වැඩියෙන් හයියෙන්
එතකොට නම් මට ඇඩෙනවා
දූගේ කඳුළු මං ගන්නවා
දූ නැළවෙනකල් අඬනවා
මං ඇඩුවම දූ නොවැ මා නළවන්නේ.....

සුළඟක් වී මං යනවා.......

ගායනය : එඩ්වඩ් ජයකොඩි, නතාෂා පෙරේරා
ගී පද :  
සංගීතය :

පේළි පේළි පේළි සැදී



පේළි පේළි පේළි සැදී

පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
අපේ ගමේ විහාරයට පෙරහැර එනවා....//

සුදු පිරුවට ලෙස ළමා සාරි ඇඳ.....//
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා....

පේළි පේළි පේළි සැදී......

සේසත් අරගෙන තෙල් මල් ඉස ගෙන....//
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා....

 පේළි පේළි පේළි සැදී......


ගායනය :
ගී පද :  
සංගීතය : 

සිංහල ළමා ගී