Tuesday, October 22, 2013

අකුරු මැකී නෑ



අකුරු මැකී නෑ

අකුරු මැකී නෑ
කොළ ගැලවී නෑ
බොඳ වී නෑ සිතුවම්
ඉස්සර වාගේතාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්.......//

මේ ඊරි බිම සිරී
කුණ්ඩුමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමතී හිනැහෙවී

අකුරු මැකී නෑ......

අපි දුවමූ අපි පනිමූ
ගී කියමූ අපි නටමූ
ඇත් පොරයට අපි ඇහැ යවමූ
බාල වියට පා නගමූ

අකුරු මැකී නෑ......

ගායනය : විශාරද එඩ්වඩ් ජයකොඩි
ගී පද :  
සංගීතය :

No comments:

Post a Comment