Monday, October 21, 2013

පුළුන් වගේ සුදු රැවුල දිගයි - Pulun wage sudu raula digayi




පුළුන් වගේ සුදු රැවුල දිගයි

පුළුන් වගේ සුදු රැවුල දිගයි
ලස්සන ඇඳුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි

තිබෙන කරේ මල්ල පුරා
සෙල්ලම් බඩුය පිරීලා.....//
පුළුන් වගේ සුදු රැවුල දිගයි
ලස්සන ඇඳුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි

පුංචි බබාලට නංගීට මල්ලීට
දෙන්න තමයි ගෙන ආවේ මා
බෝනික්කෝ ලස්සනයි
වඳුරා කරනම් ගසයි
නත්තල ප්‍රීති සරුයි

පුළුන් වගේ සුදු රැවුල දිගයි......

නත්තල් ගහේ මා එල්ලා තියන්නම්
තෝරාලා දෙන්නම් ඕන දේ
මට ඕනෑ කාර් එකයි
බෝනික්කා මට හොඳයි
සෙල්ලම් බඩු ලස්සනයි

පුළුන් වගේ සුදු රැවුල දිගයි......

තිබෙන කරේ මල්ල පුරා
සෙල්ලම් බඩුය පිරීලා.....

ගායනය : ජිප්සීස් සමඟ කොරින් අල්මේදා
ගී පද :  
සංගීතය : ජිප්සීස්

පුළුන් වගේ සුදු රැවුල දිගයි ගීතය අසන්න 


PULUN WAGE SUDU (SINHALA) SONG

Loading the player...

No comments:

Post a Comment