Tuesday, November 26, 2013

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි - Amma mawa doyi karanna



අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
හබුන් කටක් කියාලා - බත් දෙකටක් කවාලා
වතුර ටිකක් පොවාලා - උකුල උඩින් දමාලා
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
දොයි දොයි දොයි කියාලා - බයි බයි බයි ගයාලා
සැනසිල්ලේ හිතාලා - නැළවිල්ලක් ගොතාලා
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
ඔන්න බබෝ ඇතින්නී - ගල් අරණේ සිටින්නී
ගලින් ගලට පනින්නී - බබුට බයේ දුවන්නී
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
හොඳ එළියක් පෙනෙන්නේ - හඳ මාමයි එබෙන්නේ
කිරියි පැණියි ගෙනෙන්නේ - මගේ දූටත් බෙදන්නේ
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//

ගායනය :
ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය :

amma_mawa_doyi_karanna



Amma Mawa Doy Karanna Wajira Balasuriya

Loading the player...

Tuesday, November 12, 2013

ආදරේ ඇයි පොඩි හඳ මාමේ - Adare ai



ආදරේ ඇයි පොඩි හඳ මාමේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ....//

කිරියි පැණියි මට ගෙනැවිත් දෙන්කෝ...//
හීන් සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්නේ...//
මේ පුංචි නංගා ඔබගේ
හඳ මාමේ...

ආදරේ ඇයි පොඩි හඳ මාමේ........

ඉවුර දෙසිනි තිසා වැවේහී...//
සුළඟ ඒය හමාලා
එන්න යන්නට අපි හඳ මාමේ....//
තිසා වැවේ වැව රවුමේ
හඳ මාමේ...

ආදරේ ඇයි පොඩි හඳ මාමේ...
ආදරේ....

ගායනය : ඉන්ද්‍රාණි විජේබණ්ඩාර
ගී පද :  ආනන්ද සරත් විමලවීර
සංගීතය : 

adare_ai

ආදරේ ඇයි පොඩි හඳ මාමේ 
Adare Ai Podi Handa Mame - Indrani Wijebandara - UL-DJ

Loading the player...

Saturday, November 9, 2013

මිදුලේ වැලි මාලිගාවෙ - Midule Wali Maligawe



මිදුලේ වැලි මාලිගාවෙ

මිදුලේ වැලි මාලිගාවෙ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
සඳ පායන හැටි බලන්න

සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී.....//

පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී...

මිදුලේ වැලි මාලිගාවෙ.....

එපා ඔටුණු මගේ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මඟ හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ....

මිදුලේ වැලි මාලිගාවෙ...... 

midule_wali_maligawe 

මිදුලේ වැලි මාලිගාවෙ mp3

ගායනය : පේෂලා මෙන්ඩිස්
ගී පද :  කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය : රෝහණ වීරසිංහ

Lamaa Gee - Midule Weli - Peshala Mendis
Loading the player...

Tuesday, October 29, 2013

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා



අපෙ අම්මා කොළඹ ගිහිල්ලා 

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලයද ගානට කැපිලා......//

යාළුවො දෙන්නෙක් තවමත් පහළයි
හරි ඉහළයි පන්තිය මාගේ
භූ ගෝලය, ඉතිහාසය, ගණිතය
ලේසියි මට රට කජු වාගේ...//

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා.....

ගුත්තිලයේ කවි ටික කට පාඩම්
අමා වතුර මට වතුර වගේ
කතා පොත හොඳයි නින්දට යන විට
කියවන්නට එය හරිම අගේ

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා....

පෙර -පර දෙදිගම රසවත් පොත පත
ඉඩ ලැබු හැම විට කියවනවා
මා ලොකු වුණු පසු කවි ගී රචනා
ලියලා පොඩි අය සනසනවා...//

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා....

ගායනය : එස්. ලියනගේ
ගී පද :  
සංගීතය :
Ape Amma Kolomba Gihilla S Liyanage

Loading the player...