Saturday, November 9, 2013

මිදුලේ වැලි මාලිගාවෙ - Midule Wali Maligawe



මිදුලේ වැලි මාලිගාවෙ

මිදුලේ වැලි මාලිගාවෙ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
සඳ පායන හැටි බලන්න

සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී.....//

පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී...

මිදුලේ වැලි මාලිගාවෙ.....

එපා ඔටුණු මගේ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මඟ හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ....

මිදුලේ වැලි මාලිගාවෙ...... 

midule_wali_maligawe 

මිදුලේ වැලි මාලිගාවෙ mp3

ගායනය : පේෂලා මෙන්ඩිස්
ගී පද :  කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය : රෝහණ වීරසිංහ

Lamaa Gee - Midule Weli - Peshala Mendis
Loading the player...

No comments:

Post a Comment