Wednesday, January 25, 2017

මලක් නෙලා ගෙනවිත්

මලක් නෙලා ගෙනවිත් බුදු සාදුට පිදුවා
ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තයි
මේ මල මම නෙලා ගත්තෙ මගෙ මල් වත්තෙන්

නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
ඉතින් ඇයිද හිමියණි ඔබ මා දැක හිනැහෙන්නේ

ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි වුණේ
ලොකු අම්ම එක්කල මම නුවර ගියානේ

අමුතු හිනාවකි හිමි ඔබ මා දෙස හෙළුවේ
මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ
සමා වෙන්න හිමියණි බොරු නොකියමි හිතකින්
නෙලා ගත්තෙ මේ  මල නංගිගේ මල් වත්තෙන්

දරුවන් දෙස දෙනෙත් හෙලා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසි දින නොකරනු මැනවි ළමයිනේ.....//

ගායනය : ළමා ගීත  
ගී පද     : ප්‍රේම කීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක 

සිංහල ළමා ගී

මලක් නෙලා ගෙනවිත් පැරණි ගීතය අසන්න