Sunday, October 20, 2013

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ - Ambili Mame



අම්බිලි මාමේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ......//

වටින් පිටින් ඇදෙන්නේ
මුහුණ ඔබේ පිසින්නේ
සේද යොදා සැදූ වළා සළුද කියන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ

අම්බිලි මාමේ......

සිසිල් සුළං හමන්නේ
කුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කැලෑ දසත බලා පැනලා දුවන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ

අම්බිලි මාමේ.......

සියල් සතුන් නිදන්නේ
සුරන් මෙලෝ වඩින්නේ
ගුවන් කුසේ මැණික් රසේ ඔබ සරසන්නේ
සිරස සදන්නේ රැස් පළන්දන්නේ
සුපුන් සඳේ ඔබ නිබදේ ලෝ පුබුදන්නේ

අම්බිලි මාමේ......

ambili_mame

ගායනය : සී.ටී. ප්‍රනාන්දු
ගී පද :  ආර්.එන්.එච්. පෙරේරා
සංගීතය : 

 අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
C.T.Fernando - Ambili Mame - UL-DJ

Loading the player...

No comments:

Post a Comment