Friday, October 18, 2013

රන් ටිකිරි සිනා




රන් ටිකිරි  සිනා


රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ලංවී අත් අල්ලා ගෙන
ඇස් දැල්වූවා....//

දෑතේ බැඳිලා
ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං නැගලා
ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා.....//

බාලේ ගෙවලා
කාලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දඟ කර සිටලා
ගංතෙර හැරලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා.....//

ගී පද : ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය : නිමල් මැන්ඩිස්
ගායනය : ටී.ඇම්.ජයරත්න


No comments:

Post a Comment